පුත්තලම් දිස්ත්‍රික් නැණසල ප්‍රජා සංවර්ධන කාර්ය සාධක බලකායේ දෙවැනි සැසිවාරය
2009 ඔක්තෝබර් මස 27 වැනිදා පවත්වන්නට යෙදුන පුත්තලම් දිස්ත්‍රික් නැණසල ප්‍රජා සංවර්ධන කාර්ය සාධක බලකායේ දෙවැනි සැසිවාරය සදහා සපැමිණි සියලුම දෙනා වෙත අප බලකාය වෙනුවෙන් මාගේ ආදර ස්තුතිය පලකර සිටිමි. එසේම අප ආරාධනය පිලිගෙන මෙම සැසිවාරයට සහභාගී වී අප දිරිමත් කළ සහ උපදෙස් ලබාදුන් ඉක්ටා ආයතනයේ ජනක මංජුල මහත්මාට විශේෂ ගෞරව ස්තුය පලකර සිටිමු.
පාලවිය - සුරැකෙමු ලංකා, ආරච්චිකට්ටුව - දිමුතු, මහවැව, බංගදෙනිය සහ ආඩිගම යන නැණසල ශාඛාවන් නියෝජනය කළ සියලුම දෙනාටත් සියලු පහසුකම් සලසා තේ පැන් සංග්‍රහ ආදියෙන් මෙන්ම මිහිරි සංගීතාස්වාදයෙන් අප සැනසූ පල්ලම නැණසලට අපගේ ආදර ස්තුතිය හිමිවෙයි.
මෙම සැසිවාරයේදී ඉතාමත් වැදගත් කරුණු කාරනා රාශියක් සම්බන්ධයෙන් සාකච්ඡාකළ අතර නැණසල භාහිර ප්‍රජාව අතර ප්‍රචලිත කිරීමේ ක්‍රියාකාරකම්, වැඩමුලු සංවිධානය කිරීමට ප්‍රධාන තැනක් හිමිවීය.
පලමුවෙන්ම අපගේ මෙම බලකාය පිහිටුවා ගැනීමට හේතු සාධක වූ කරැණු සම්බන්ධයෙන් ජනක මංජුල මහත්මා අදහස් දැක්වීය. පුත්තලම් දිස්ත්‍රික්කය තුල අක්‍රියව වැසීයන තත්වයට පත්ව ඇති නැණසල ආයතන යලි නගාසිටුවීම එහි ප්‍රධාන කටයුත්තක් වන අතර නැණසල හි ආදායම ප්‍රසස්ථ මට්ටමක නොපැවතීමට හේතු සාධක වන්නේ ඉන් ඉටුවන සේවාවන් සහ ඉන් ලබාගතහැකි පහසුකම් පිළිබදව බාහිර ප්‍රජාව තුල පවතින නොදැනුවත් කමයි. මෙම තත්වය වෙනස්කිරීම සදහා ඉතා ඉක්මනින් කටයුතු කළ යුතු අතර ඒ සදහා ප්‍රදේශයේ පවතින පාසල්, පුජනික ස්ථාන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පොලීසිය ඇතුලු සියලුම මහජන සේවා සපයන ආයතන ආවරනය වන පරිදි දැණවත් කිරීමේ වැඩමුලු සංවිධානය කර පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලුම නැණසල ඒකාබද්ධව ඒ ඒ නැණසලට අයත් ප්‍රදේශයන්හි කැම්පේන් සංවිධානය කල යුතුය. ඒ සදහා අවශ්‍ය උපදෙස්, දැන්වීම් පත්‍රිකා, පෝස්ටර්, බැනර් සහ වීඩියෝ ප්‍රොජෙක්ටර ඉක්ටා ආයතනයට ලබාදිය හැකි බවත් ජනක මහත්මා වැඩි දුරටත් ප්‍රකාෂ කළේය.
මීට අමතරව බාහිර ආයතන විසින් සංවිධානය කරනු ලබන ප්‍රදර්ශණ, උත්සව වැනි අවස්ථා ද ප්‍රයෝජනයට ගනිමින් අපගේ ප්‍රජාරක කටයුතු සංවිධානය කරීමට කටයුතු කරීමට ද තීරණය වීය.
තවද, ඉක්ටා ආයතනය සහ රජය එක්ව ශ්‍රී ලාංකිකයන් 100,000 කට ශිෂ්‍යත්ව පිරිනැමීමට අදහස් කරන අතර මේ මගින් කිසිදු අයකිරීමකින් තොරව ඔවුනට පරිගණක අද්‍යාපනය ලැබීමට අවස්ථාව උදාවනු ඇත. මීට අමතරව 2010 වසරේදී නැණසල ක්‍රියාකරැවන් වෙනුවෙන් ටෙලිසෙන්ටර් ආයතනය විසින් පරිගණක උපාධි මට්ටම දක්වා අධ්‍යාපනය ලබාගැනීමේ අවස්ථාව ඔබට ගබාදෙනු ඇත.
එසේම නැණසල විසින් පාඨමාලා නිම කරන අයවලුන් සදහා සහතිකපත් නිකුත් කිරීමේදී කිසිදු අවස්ථාවක ඉක්ටා, රාජ්‍ය හෝ වෙනත් කිසිදු ආයතනයක ලාංජන භාවිතා කිරීම නීති විරෝධී ක්‍රියාවක් වන අතර එසේ කිරීමෙන් ඔබට නීතිමය ගැටලු රාෂියකට මුහුන දීමට සිදුවනු ඇත. ඒ වෙනුවෙන් ඔබට කළ හැකි හොදම කටයුත්ත වනුයේ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ඔබගේ නැණසල ලියාපදිංචි කිරීමයි. එවිට ඔබ නිකුත්කරනු ලබන සහතිකයට ජ්‍යාත්‍යන්තර පිලිගැනීමක් ද ලැබෙනු ඇත.
මුලික අදියරක් ලෙස පුත්තලම් දිස්ත්‍රික්යේ නැණසල 10 ක් වෙත ටොප් ජොබ් ආයතනය හා සම්බන්ධව කටයුතු කිරීමට අවස්ථාව හිමිවන අතර, මෙමගින් ප්‍රදේශයේ විරැකියාවෙන් පෙලෙන පිරිස් වෙත රැකියා සොයා දීමට ඔබගේ නැණසලට අවස්ථාවක් උදාවෙයි. මෙය සමාජ මෙහෙවරක් මෙන්ම ඔබගේ ආදායම ඉහල නංවාගැනීමට ද හිමිවන අවස්ථාවකි.
මෙම සියලුම අවස්ථාවන් හිමිකර ගැනීමටත්, ඔබගේ නැණසල දියුණුකර ගනිමින් නැණසල සංකල්පයෙන් බලාපොරොත්තු වන උදාරතර අරමුණු කරා ළගා වී උපන් මවු බිමට මෙහෙවරක් කිරීමටත් මෙම බලකාය පිහිටුවා ගැනීමේ ඇති වැදගත්කම දැන් ඔබට මනාව වැටහෙනු ඇතැයි සිතමි. ඉහත සියලු අවස්ථාවන් ඔබට ලබාගතහැකි වන්නේ මෙම බලකායට සම්බන්ධවී කටයුතු කිරීමෙන් පමණකි. අප තනිව යමක් කරනවාට වඩා වැඩි යමක් එක්ව කිරීමට හැකිවන බවත් එයින් අපගේ ගමනට ලැබෙන ජවය ඉතා ප්‍රබල බවත් ඔබට වැටහෙනු ඇත.
පවතින තත්වයන් හා බලන කළ ඔබ මෙන්ම අප සියල්ලන්ම කළකිරීමට පත්ව සිටින බව සත්‍යයකි. එහෙත් එය එසේ නොවීමට කළ යුතු දෑ කිරීම මිස, දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටීමෙන් දිනෙන් දින පිරිහීමට ලක්වන්නේ අපමය. අපගේ අනාගත පරපුරය. දිනෙක අපගේ දරුවන්ම අපට ශාප කරනු ඇත. අපට අලුතින් සිතන්නට, අලුත් යමක් කරන්නට කාලය එළඹ ඇත. පිරිසක් ජිවිත පරිත්‍යාගයෙන් අපට නිදහස් රටක් ලබා දී ඇත. දැන් ඇත්තේ අපගේ කාර්ය භාරය රට වෙනුවෙන් ඉටුකිරීමයි. කොතරම් දුශ්කරථා මධ්‍යයේ උවද අප ඒ සදහා පෙළගැසිය යුතුය. අප සියලුම දෙනා එකාවන්ව අත්වැල් බැදගනිමින් අප හමුවේ ඇති අභියෝග ජයගනිමු. එය ඔබගේ හෝ මගේ පමණක් නොව අපගේ මාතෘභූමියේද ජයග්‍රහණයයි. අපගේ ඊළග අධියරේදී ඔබ සියලුදෙනාගේම සහභාගීත්වය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතරම ඒ සදහා ඔබ සැමට යලි යලිත් ආරාධනය කරමි.
අපගේ පළමු ප්‍රචාරක ව්‍යාපාරය පාලවිය නැණසල මූලික කරගනිමින් සිදුකිරීමට අදහස් කරන අතර ඒ පිළිබද වැඩි විස්තර පසුව දන්වන අතර ඊ ලග ප්‍රචාරක ව්‍යාපාරය සදහා ඔබගේ නැණසල සුදානම් විය යුතුය.
නොවැම්බර් මස 01 දින උදේ 08.00 සිට සවස 04.00 දක්වා පල්ලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඉක්ටා ආයතනය සහ මයික්‍රොසොෆ්ට් ආයතනය එක්ව පුහුණු වැඩමුලුවක් සංවිධානය කර ඇති අතර එහිදී ඔබට දැනගැනීමට අවශ්‍ය කාරණා අලලා ඔව්න්ගේ පුහුණුව මෙහෙයවන බැවින් ඒ සදහා සියලුම නැණසල වෙත ආරාධනය කර සිටින අතර මෙම අවස්ථාව ඔබට හිමිවන්නේ පල්ලම නැණසලේ මුලිකත්වයෙනි. වැඩි විස්තර සදහා පල්ලම නණෙසලේ ශිරෝමි ගුණරත්න මහත්මිය අමතන මෙන් ඉල්ලමි. දිවා ආහාරය, තේ පැන් නොමිලයේ සැපයෙන අතර මයික්‍රොසොෆ්ට් ආයතන විසින් ඔබට වටිනා සහතිකයක් පිරිනමනු ඇත.
සියලුම කරුණු සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සදහා අපගේ බලකායේ ඊ මේල් ලිපිනයෙන් හෝ 071 2 380589 දුරකථන අංකයෙන් ලබාගත හැකිය.
ස්තුතියි.
මෙයට, ලේකම්
සජිත් ප්‍රියන්ත රන්දුනු
පුත්තලම් දිස්ත්‍රික් නැණසල ප්‍රජා සංවර්ධන කාර්ය සාධක බලකාය.